Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 5 votes
Dec. 07, 2018United States143 Min.
Aquaman (2018) | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්!

DCEU එක ආරම්භ කරලා  හයවැනි සිනමාපටය විදිහට තමයි ඇක්වාමෑන් 2018 වසරේ දිගහැරෙන්නේ. 2018 වසරෙත් නිලවශයෙන් දෙසැම්බර් මාසයෙ ලංකාව ඇතුළු තවත් බොහොමයක් රටවල තිරගත වීම ආරම්භ වූ අති දැවැන්ත සිනමාපටයක් විදිහට තවත් ඇතැම් රටවල තිරගත වෙමින් වගේම පෙබරවාරි 8’වැනිදා සිට ජපානයේ තිරගත වීමට නියමිත සිනමාපටයේ සිංහල උපසිරැසිය අරගෙන තමයි අද ඔයාලව මුණගැහෙන්නෙ.

අද මේ වෙද්දී රිදී තිරයට ආව ඇක්වාමෑන් සිනමා ආගමනය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඇක්වාමෑන් කියන දැවැන්ත චරිතය රිදී තිරය අතරට එන්නේ ස්නයිඩර් මහත්තයගේ Man of Steel (2013) චිත්‍රපටයෙන් පසුව බිහිවෙන Batman v Superman: Dawn of Justice (2013) සිනමාපටය තුලින්. ඒකත් පුංචිම පුංචි කොටසකට විතරයි. ඊටපස්සේ හැම වීරයෙක්ම එකට එකතුවෙන යුක්තියේ ලීගය Justice League (2017) චිත්‍රපටය තුලින් තරමක් දුරට ගුණාත්මක චරිතයක් දැකගන්න ලැබෙනවා. කිව්වට විශ්වාස කරයිද මන්දා 2004 වසරේදී තමයි ඇක්වාමෑන් චිත්‍රපටයේ කටයුතු ආරම්භ වෙන්නේ. මේ විදිහට වසර ගණනාවක් පුරාවටම සැලසුම් අසාර්ථක වේවි ආයෙ ආයෙමත් උත්සහ කරලා අවසානෙදි 2014 වසරේදී Beall වගේම Kurt Johnstad දෙදෙනාව වැඩට අරගෙන තියෙනවා මේ චිත්‍රපටයේ තිරපිටපත ලියන්න. ඊටත් පස්සෙ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී තමයි ඇක්වාමෑන් නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන බව නිල වශයෙන්ම ලෝකයාට දැනුම් දීමක් සිද්ද කරන්නෙ. මින් පසුව James Wan ව චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා විදිහට බදවාගන්නේ 2015 අප්‍රේල් මාසයේදී. 2016 වසරේදී Beall විසින් රචිත තිර පිටපත ඔස්සේ චිත්‍රපටයේ කටයුතු ඉදිරියට කරගෙන යන බව දැනුම් දුන්නත් නමුත් පසුව James Wan, Kurt Johnstad, Geoff Johns, Johnson-McGoldrick ඔස්සේ නැවත වතාවක් තිරපිටත වෙනස් වෙමින් නැවත වතාවක් ලියවිලා තියෙනවා. 2016-2017 වසර දෙක අතරතුර තමයි චිත්‍රපටයේ රංගන ශිල්පීන්ව තෝරාගැනීමක් සිද්දවෙන්නේ. Jason Momoa, Amber Heard, Willem Dafoe, Patrick Wilson, Dolph Lundgren, Yahya Abdul-Mateen II, Nicole Kidman යන අයවලුන් ප්‍රධාන චරිත සදහා පණ පෙවීමක් සිදු කරනු ලබනවා. 2017 මැයි දෙවැනිදා නිලවශයෙන්ම රූගත කිරීම් කටයුතු ආරම්භ වෙන ඇක්වාමෑන් චිත්‍රපටයේ බොහෝමයක් රූගත කිරීම් සිද්දවෙලා තියෙන්නේ ගෝල්ඩ් කෝස්ට්, ක්වින්ස්ලෑන්ඩ්වල පිහිටි Village Roadshow නම් ස්ටුඩියෝවේදී. මීට අමතරව කැනඩාවේ, ඉතාලියේ වගේම මොරොක්කෝ වලදීත් මෙහි රූගත කිරීම් කටයුතු වෙලා තියෙනවා. පසු කාලීනව 2017 ඔක්තෝබර් 21’වැනිදා රූගත කිරීම් කටයුතු සාර්ථක අවසන් වෙලා තියෙනවා. වෝනර් බ්‍රදර්ස් යටතේ බෙදාහැරීම සිද්ද කෙරෙන DC Extended Universe එකෙහි හයවැනි සිනමාපටය විදිහට තමයි ඇක්වාමෑන් සැලකෙන්නේ.

චිත්‍රපටය ගැන කතා කරන්න කලින් ඇක්වාමෑන් කොමික් ඉතිහාසය ගැනත් හැකි විදිහට කියන්නම්. මොකද මේ ලිපිය ලියන්න වෙලා තියෙන්නේ පැය තුන හතරක වගේ කාලෙකින්. ඩිසි කොමික් චිත්‍රාකතා නිර්මාතෘවරුන් අතරේ පරණම අයගේ ලයිස්තුවේ ඉන්න දෙන්නෙක්ගෙ අතින් තමයි මේ ඇක්වාමෑන් කියන චරිතය බිහි  වෙන්නේ. Mort Weisinger  මේ චරිතය නිර්මාණය කරද්දී Paul Norris විසින් තමයි සිතුවමට නැගිලා තියෙන්නෙ. මේ විදිහට නිර්මාණය වෙන ඇක්වාමෑන් චරිතය මුලින්ම චිත්‍රකතා අතරට එකතු වෙන්නේ ස්වර්ණමය යුගයේ 1941 නොවැම්බර් මාසයේදී දිගහැරුණු More Fun Comics 73’වැනි කලාපය තුලින්. ඊටත් පස්සෙ රිදී යුගයේ 1940-1950 කාලය අතරතුර බිහි වූ Adventure Comics තුලිනුත්, Justice League of America කලාප තුලිනුත් ඇවිල්ලා අවසානයේදී ඇක්වාමෑන් තමන්ටම කියලා 1998 නොවැමබර් 01 වැනිදා දිගහැරුණු Aquaman කලාපයෙන් තමයි මුලින්ම චිත්‍රකතා වලට එකතු වෙන්නේ. ඉතින් ඔය විදිහට නිර්මාණය වුනු ඇක්වාමෑන් කොමික් කලාප බොහොමයක් මේ වෙද්දී දකින්න ලැබෙනවා.

මේ අතරින් New 52 වලට ලොකු විශේෂයක් වගේම ලොකු වැදගත්කමක් ලැබෙනවා 2018 වසරේදී නිකුත් වුනු මේ චිත්‍රපටය එක්ක සසද්දී. මොකද මේ සෝලෝ චිත්‍රපටයේ නිර්මාතෘවරුන් කියලා තියෙන විදිහට ඒ අය ඇක්වාමෑන් චිත්‍රපටය සදහා  පාදක කරගෙන තියෙන්නේ New 52 වල නිකුත් වූ ඇක්වාමෑන් චිත්‍රකතා කලාපයන්ලු. හොදම උදාහරණෙ තමයි ඇක්වාමෑන් 7’වැනි කලාපයේම එන  Throne of Atlantis කොටස. පොඩ්ඩක් මේකේ තියෙන පින්තුර ටිකවත් ගුගල් කරලා බැලුවොත් තේරෙයි කොමික් වගේම චිත්‍රපටයේ එන චරිතවල/සිද්දීන්වල හුරු බව.

 

චිත්‍රපටයෙ ඊළග කරුණු කාරණා ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් ඇට්ලෑන්ටිස් ගැන දැනගමු. මොකද ඇක්වාමෑන් ගැන කතා කරද්දී කතා නොකරම බැරි තැනක් කිව්වොත් නිවැරදියි.  ඇට්ලෑන්ටිස් කියන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටලා තියෙන සැගවුණු ජනාවාසයක්. හරියට තෙමිස්කීරා වගේ තමයි. මේ අය පෘතුවියේ ඉන්න ඉහල මට්ටමේ තාක්ෂනික, දැනුම් සම්බාරයෙන් යුක්ත, උසස් මට්ටමේ ජීව කොට්ටාශයක් විදිහට තමයි සලකන්නේ. ඇට්ලෑන්ටිස් නගරේ හැදෙන්නේ එක්ස්ට්‍රට්‍රැස්ටියල් නොහොත්  හියුමනොයිඩ්  පිටසක්වල ජීවී කොට්ටාශයක් වන හන්ටර්ලා විසින්. ඉතින් මේ විදිහට පසුකාලීනව නිර්මාණය වෙන ඇට්ලෑන්ටිස් නගරේ අය තමන්වම ඇට්ලෑන්ටිස්වරු විදිහට හදුන්වගන්න ගත්තා. මේ අයට දායාදයක් වගේ අර හන්ටර්ලා කියන හියුමනොයිඩ් පිටසක්වල ජීවී කොට්ටාශයගෙන් ලැබුණු තාක්ෂනය හා දැනුම් සම්බාරය යොදාගෙන තමයි ඇට්ලෑන්ටිස් රාජධානිය හැම අතින්ම දියුණු කරගෙන යන්නේ. මේ කාලේ වෙද්දී මේ අය තරම් දියුණු ජීව කොට්ටාශයක් පෘතුවිය තුල හිටියෙම නැති තරම්. මේ ඇට්ලෑන්ටිස්වරුන්ගෙ දැනුම අතරට මායාකර්ම සම්බන්ධ දේවලුත් අයිතියි. DC චිත්‍රකතා තුල මුලින්ම ඇට්ලෑන්ටිස් කියන ජනාවාසය දැකගන්න ලැබෙන්නේ 1959 බිහිවන Adventure Comics 260’වැනි කලාපය තුලින්. මේ ඇට්ලෑන්ටිස් ඇතුලෙත් නගර කිහිපයක්ම තියෙනවා.

ඇට්ලෑන්ටිස් නගරය
  1. Poseidonis– ඇට්ලෑන්ටිස්වල පිහිටලා තියෙන ප්‍රධානම නගරේ තමයි පොසෙයිඩොනිස් කියන්නේ. රජුගේ සිංහාසනය පිහිටලා තියෙන්නේ මෙතන.
  2. Tritonis – මේ කොටසෙ තමයි දියකිදුරන් වාසය කරන්නේ. ඊකියුලා රජුගේ වාසභූමිය වෙලා තියෙන්නෙත් ට්‍රයිටෝනිස් නගරයයි.
  3. Thierna Na Oge – මේක තමයි ගුප්ත රාජ සභාව විසින් පාලනය කරන ගුප්ත දේශය විදිහට සලකන්නේ.
  4. Shayeris – සැගවුණු මිටියාවතෙ අගනුවර එහෙම නැත්තම් සාමවාදීන්ගෙ නිවහන විදිහට හදුන්වනවා. මීට කලින් ක්‍රාස්ට්නස් කියලත් හදුන්වලා තියෙනවා.  ගා(ර්)ත් නොහොත් මුල්ම ඇක්වාලැඩ්ගෙ ජන්ම භූමිය වෙන්නෙත් මෙහෙ තමයි.
  5. Xebel – බර්මියුඩා ත්‍රිකෝණයට පහතින් පිහිටලා තියෙන දණ්ඩන ජනදපයක් විදිහටයි සලකන්නේ. මේරා පැවතෙන්නේ සෙබෙල් වලින්.  එයාගෙ තාත්තා තමයි සෙබෙල් පාලනය කරන්නේ.
  6. Sub Diego – සබ් ඩියෙගෝ කියන්නේ සැන් ඩියෙගෝ වලට අයිති මුහුදට ගිලුණු ඇට්ලෑන්ටිස් වලට අයිති කොටසක්. මේ කොටස ඇතුලත ගිලෙන අයට හැකියාව තියෙනවා මුහුද යට වුනත් හුස්ම අරගන්න පුලුවන් වෙන විදිහේ හැකියාව ලැබෙන.

දැන් බලමු කවුද මේ සත් සමුද්‍රයෙ ආරක්ෂකයා කියලා. ඇක්වාමෑන් නොහොත් ආතර් කරි කියන්නේ මතුපිට ලෝකය බලන්න තියෙන වුවමනාව වගේම එහෙට එන්න වැඩිපුර ආශා කරපු නිසා ඇට්ලෑන්ටිස් වලින් මතුපිට ලෝකයටම පිටුවහල් කරපු ඇට්ලැන්නා කුමාරිකාවගෙ වගේම, මෙයින්වල ඇමෙන්ස්ටි මූහුදු බොක්ක අසල තිබුණු ප්‍රදීපාගාරයක් පාලනය කරපු ටොම් කරි නම් සාමාන්‍ය වැසියෙක්ගෙ දරුවා. දරුණු කුණාටුවක් හටගත්ත වෙලාවක තමයි ඇට්ලැන්නා වගේම ටොම් එකිනෙකාව මුණගැහෙන්නෙ. සිහිය නැතුව, වෙරළ ආසන්නයට ඇට්ලැන්නා කුමාරිකාව ගහගෙන ඇවිත් තියෙනවා දැක්කම ටොම් තමයි එයාව බේරගෙන ඇවිත් ප්‍රදීපාගාරයෙ ඉදන් උදව් සත්කාර කරන්නේ. කාලයත් එක්ක මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධෙ වැඩි වෙලා ආදරයක් බවට පත්වෙලා තමයි ආතර්ව බිහිවෙන්නේ. අනික් හැම ළමයෙක්ටම වඩා ආතර් හරිම අමුතු විදිහට උස් මහත් වෙන්නේ. ආතර්ට අවුරුදු දෙකේදී ආතර් පැයකටත් වඩා මුහුද යට ගිලෙන්නේ නැතුව සෙල්ලම් කර කරා ඉද්දි එයාගෙ තාත්තා එයාව හොයාගෙන තියෙනවා. කාලයක් යද්දී ඇට්ලැන්නා හෙලි කරනවා ආතර්ට තියෙන හැකියාවන් මොනාද කියලා. ඒවා තමයි මුහුද යට හුස්ම ගන්න, වාසය කරන්න, සමුද්‍ර ජීවින් එක්ක කතා කරන්න තියෙන හැකියාව එහෙම. ඇට්ලැන්නාගෙ මරණයෙන් පස්සෙ ආතර්ගෙ තාත්තා හිතාගන්නවා ආතර්ව කායිකව වගේම මානසිකව පුහුණු කලාම කවදාහරි දවසක එයාට එයාගෙ සම්පුර්ණ බලයන් පාලනය කරන්න හැකියාව ලැබෙයි කියලා. ආතර්ව එයාගෙ තාත්තා නිතරම දැක්කේ “විශේෂිත” කෙනෙක් විදිහට. පසු කාලීනව ඇට්ලෑන්ටිස් රාජධානියේ රජු වෙන ආතර් සෙබෙල්වල මේරා කුමාරිකාව එක්ක විවාහ වෙනවා.

දැන් පොඩ්ඩක් කතාවට බහිමු චිත්‍රපටය දිහාවට. කලිනුත් කිව්වා වගේ තවමත් ඇතැම් රටවල තිරගත වෙන, ජපානයේ තිරගත වීමට නියමිත ඇක්වාමෑන් තමයි DCEU සිනමාවේ මෙතෙක් බිහිවුණු හොදම සෝලෝ, එහෙම නැත්තම් තනි සුපිරි වීර චරිතයක් වටා හොද හැදින්වීමක් එක්ක දිගහැරුණු හොදම චිත්‍රපටය. හැබැයි ඇක්වාමෑන් නෙවෙයි DCEU එකේ මුල්ම සෝලෝ සිනමාපටය වෙන්නේ. Man of Steel, Wonder Woman තමයි ප්‍රථම හා දෙවැනි ස්ථාන වන පසුවෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 160 ක වගේ මුදලකින් නිර්මාණය වෙන ඇක්වාමෑන් සිනමාපටය පළමු සතිය තුල සිනමාශාලා 4,125 ක තිරගත කිරීමෙන් අනතුරුව මුල් සතිය අවසානයයේදී ඇමරිකානු ඩොලර් මිලියන 67,873,522 මුදලක් උපයාගන්න අවස්ථාව ලැබෙනවා. මේ වෙද්දී ඇමරිකාව තුල පමණක් ඇ.ඩො.මි. 307+ අගයක්ද, මේ වෙද්දී සිනමාශාලා 4,184 ක තිරගත කිරීමෙන් අනතුරුව ඇ.ඩො.මි. 760 කට අධික මුදලක්ද උපයා ගනිමින් ඩොලර් බිලියන 1,068 සීමාවේ පසුවෙනවා. (2019/01/24 අද දිනට ඩොලර් බිලියන 1,068,253,910  ලෙස සටහන්ව ඇත) තවමත් තිරගත වන නිසා මේ ආදායම වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් ක්‍රිස්ටොපර් නෝලන්ගෙ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ අවසන් පුරුක වන The Dark Knight Rises (2012) සිනමාපටයෙ ඩොලර් බිලියන 1.085 ක ආදායමද ඉද්රියේදී බිද දමන්න තියෙන ඉඩකඩ වැඩියි.

  • චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා ගැන කතා කරද්දී හොදම වගේම විශේෂම කාරනාව තමයි එකම අධ්‍යක්ෂකවරයෙකු හටතේ බිහිවූ චිත්‍රපට බිලියනයේ ආදායම ඉපයීමට හැකියාව ලැබුණු දෙවැනි අධ්‍යක්ෂකවරයා වන්නේ ජේම්ස් වෑන්ය. (Furious 7 (2015) ආදායම –  ඇ.ඩො.බි. 1.516 + Aquaman (2018) ඇ.ඩො.බි. 1,068). මුල් තැන ඉන්නේ ජේම්ස් කැමරන් මහත්තයා. (Titanic (1997) ඇ.ඩො.බි. 2.187 + Avatar (2009) ඇ.ඩො.බි. 2.788 )
  • එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට අතරින් 25’වැනි තැන හිමි කරගෙන තියෙන්නෙත් ඇක්වාමෑන් චිත්‍රපටයයි. ජනපානයේ තිරගත වීම ආරම්භ වූවාට පසුව ඊට උඩින් 24’වැනි ස්ථානය රැකගෙන තියෙන The Dark Knight Rises (2012) චිත්‍රපටය  පසු කරන්න තියෙන ඉඩකඩ වැඩියි.
  • ලොවපුරා තිරගත වූ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත් හොදම සුපර්හීරො චිත්‍රපට 50 අතරේ 9’වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. 7’වැනි ස්ථානය ලබාගෙන සිටින Captain America: Civil War (2016) මාවල් සිනමාපටය වගේම 8’වැනි ස්ථානය ලබාගෙන සිටින The Dark Knight Rises (2012) සිනමාපටයෙ වාර්තා පසු කරන්න බොහෝදුරට හැකියාව ලැබේවි.
  • ඇක්වාමෑන් සිනමාපටය බොක්ස් ඔෆිස් තුල හොද ආදායම් වාර්තාවක් ලබාගන්න උදව් කල චීනය තුල එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට 50 අතරින් ඇක්වාමෑන් චිත්‍රපටය මේ වන විට 13 වැනි ස්ථානයෙ පසු වෙනවා.
චීනයේ බොක්ස් ඔෆිස් වාර්තාවක සටහනක්

මෙතෙක් බිහි වූ මුල්ම දිය යට අත්දැකීම දකින්න ලැබුණු සුපර්හීරො චිත්‍රපටය වන්නේද ඇක්වාමෑන් සිනමාපටය වීම ලොකු විශේෂත්වයක්. මොකද මෙතෙක් කාලයක් අභ්‍යවකාශයට ගියාම යානයක් ඇතුලේ පාවෙන හැටි, කතා කරන හැටි ඔය වගේ නොයෙක් ආකාරයේ දේවල් දැකලා තිබුනත්, මාවල් සිනමා විශ්වය ඇතුළු වෙනත් කිසිම සිනමාපට විශ්වයකින් මේ විදිහේ සුපිරි ගනයේ දිය යට අත්දැකීමක් ප්‍රේක්ෂකයන් හට රිදී තිරයට තවමත් ලගාකරලා දීලා නැහැ. ඒ අතින් ඇක්වාමෑන් චිත්‍රපටයෙ උත්සහය ඉතාමත් සාර්ථක බව සැකයක් නැතුව කියන්න පුලුවන්.

අනික් විශේෂ කාරණේ තමයි DCEU එකේ එදා මෙදා බිහි වුනු සුපිරි දුෂ්ටයින් අතරින් මුල්ම වතාවට තමයි කළු ජාතිකයෙක්ව හදුන්වා දීමක් කලේ ඇක්වාමෑන්ගේ හතුරෙක් විදිහට සැලකෙන බ්ලැක් මැන්ටා චරිතය සදහා Yahya Abdul-Mateen II නම් රංගධරයාව සම්බන්ධ කරගනිමින්.

හොරර් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරන ජේම්ස් වෑන්ගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඇක්වාමෑන් චිත්‍රපටය මේ වෙද්දී ප්‍රේක්ෂක මනාප 137,925 ලබා ගනිමින් IMDb දර්ශකයේ 7.5/10 ක අගයක්ද, රොටන් ටෝමෑටොස් දර්ශකයේ 62% ක අගයක්ද ලබාගෙන තියෙනවා. සුපුරුදු පරිදි සැක් ස්නයිඩර් වගේම ඔහුගේ බිරිද ඇක්වාමෑන් චිත්‍රපටයේ විධායක අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කරනවා. ඇක්වාමෑන් සිනමාපටය වෙනුවෙන් අපූරු ගීත ඇල්බමයක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් ස්කයිලර් ග්‍රේ ගායනා කරන “Everything I Need” නම් ගීතය ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා. DCEU එකේ මෙතෙක් කාලයක් පුරාවටම වැඩිම ආදායමක් උපයාගත් සිනමා සිත්තම විදිහට ඉහලටම යද්දී ඇක්වාමෑන් චිත්‍රපටයේම දෙවැන්නක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව මේ වෙද්දීත් ආරංචි ලැබිලා තියෙනවා. මොකද චිත්‍රපටය අවසන් වෙලා අවසානයේදී පෝස්ට් ක්‍රෙඩිට් කොටස් බැලුවට පස්සෙ තේරුම් යාවි ඒ කොටස් නිර්මාණය වෙලා තියෙන්නෙත් ඇක්වාමෑන් දෙවැන්න සදහාමයි කියලා. එහෙනම් තවත් මෙතන අල්ලාගෙන ඉන්න බලාපොරොත්තුවක් නැහැ.

Subtiltes By

හසන්ත වික්‍රමරත්න
(Baiscopelk)
IMDb Rating 6.8 512,918 votes
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

James Wan
Director

Cast

Jason Momoa isArthur Curry / Aquaman
Arthur Curry / Aquaman
Willem Dafoe isNuidis Vulko
Nuidis Vulko
Patrick Wilson isKing Orm Marius / Ocean Master
King Orm Marius / Ocean Master
Dolph Lundgren isKing Nereus
King Nereus
Yahya Abdul-Mateen II isDavid Kane / Black Manta
David Kane / Black Manta
Temuera Morrison isThomas Curry
Thomas Curry
Ludi Lin isCaptain Murk
Captain Murk
Michael Beach isJesse Kane (Manta's Father)
Jesse Kane (Manta's Father)

Similar titles

Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deathstroke Knights & Dragons The Movie (2020) Sinhala Subtitles
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spiritwalker (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Boy Called Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Triple 9 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marjaavaan (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaaviyyan (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Padavettu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published