Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720P
  • Player 04 480P
  • Player 04 720P
Prey (2007) Sinhala Subtitles

Prey (2007) Sinhala Subtitles

Your rating: 0
7 4 votes
May. 18, 2007South Africa92 Min.
Prey (2007) Sinhala Subtitles | මිනීමරු සිංහයන්ට මැදිවී [සිංහල උපසිරැසි සමඟ]

Prey (2007) Sinhala Sub
Prey (2007) Sinhala Subtitle
Prey (2007) Sinhala SubtitleS

අද ඔන්න මම අරන් ආවා Survival ෆිල්ම් සහ Animal Attack කියන ටයිප් දෙකේම ෆිල්ම් වලට ආස අය වෙනුවෙන් ෆිල්ම් එකක්. 2007 අවුරුද්දෙ නිකුත් වුන හොඳ ෆිල්ම් එකක් වෙන මේ ෆිල්ම් එකට සයිට් එකේ සබ් එක නොතිබ්බ එක මටත් පුදුමයක් වුනා. ඔන්න ඉතිං ඉවර කරලා අරන් ආවා Prey (2007). Darell Roodt ගේ අධ්‍යක්ෂණයක් වෙන මේ ෆිල්ම් එකට IMDb අගය 4.7 ක් ලැබිලා තිබුණත් මගේ පුද්ගලික මතය නම් මේ ෆිල්ම් එකට ඊට වඩා අගයක් හිමි වෙන්න ඕනි. මේ Darell Roodt කියන අධ්‍යක්ෂකයම තමයි Lake Placid : Legacy (2018) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළෙත්. Robo Cop (1987) , Naked Lunch (1991) වගේ ජනප්‍රිය චිත්‍රපට වල රඟ පාපු Peter Weller ඒ වගේම I Robot (2004) , Lord of War (2005) වගේ චිත්‍රපටවල රඟ දැක්වූ Bridget Moynahan ඒ වගේම Fire Wall (2006) වගේ චිත්‍රපට වලට රංගන දායනත්වය දුන්නු Carly Schroeder වගේ නළු නිළියෝ තමා රංගන දායකත්වය සපයන්නේ.

එහෙනම් චිත්‍රපටයේ කතාව ගැන ටිකක් බලමු. ටොම් නිව්මන් කියන්නේ ජල විදුලි ඉංජිනේරුවෙක්. එයා අප්‍රිකාවේ ඩෑම් එකක් හදන හින්දා එයාගේ දෙවෙනි බිරිඳයි, ළමයි දෙන්නයිත් එක්ක යනවා එහේට. මේ නිව්මන් ඇමීව කසාද බැඳපු අලුත වගේ. ඒක නිව්මන්ගේ දෙවෙනි විවාහය. මේ හින්දා නිව්මන්ගේ ලොකු දුව ජෙසිකා නම් ඉන්නේ ඇමී එක්ක හිත හොඳින් නෙමෙයි. මේ තරහා මරහා මැකිලා යන්නත් එක්ක තමයි මේ ගමන යන්නේ. කොහොමහරි අප්‍රිකාවට යන මෙයාලා ඒ කිව්වේ ඇමී, ‌ජෙස් සහ එයාගේ මල්ලි ඩේවිඩ් යනවා ජීප් එකක නැඟලා කැළේ සත්තු බලන්න. අපිත් ඔය සෆාරි යනවා කියලා යන්නේ. අන්න ඒ වගේ. නිව්මන් කාර්යබහුල හින්දා එයා යන්නෙ නෑ. කොහොමහරි සත්තු පේන්න නැති හින්දා ජීප් එක පදින මෙයාලගේ ගයිඩ් සත්තු පෙන්නන්න හිතාගෙන ජීප් එකෙන් කැලේ ඇතුළට යනවා.

ඒ යන අතරේ ඩේවිඩ්ට පොඩි බරක් සෙට් වෙනවා. බරක් කිව්වේ පොඩි එකක් නෙමෙයි. ලොකු එකක්. ඒ හින්දා ඇමීයි, ජෙසිකායි වාහනේ ඉද්දි ගයිඩ් ඩේවිඩ්ව එක්කන් යනවා පොඩ්ඩක් එහාට. ඒ අතරේ හිමින් සැරේ සිංහ ධේනුවක් මෙයාලට කුරුමානම් ඇල්ලුවත් දෙන්නට ඒක තේරෙන හින්දා මේ දෙන්නා ආපහු ජීප් එකට දුවනවා. ඒත් බේරෙන්නේ ඩේවිඩ් විතරයි. මෙයාලගේ ගයිඩ්ව සිංහ ධේනුව මරාගෙන කනවා. මිනීමරු සිංහ රැළක් අතරේ ජීප් එකේ කොටු වෙන ඇමී, ජෙසිකා, ඩේවිඩ් සහ එයාලව හොයන්න උත්සාහ කරන නිව්මන් ගැන තමයි කතාව යන්නේ. මුල ඉඳන් අගට කුතුහලෙන් බලන්න පුළුවන් මේ ෆිල්ම් එකේ ඉතුරු ටික ඔයාලටම බලන්න දීලා මං එහෙනම් ගිහින් එන්නම්.

Subtiltes By

සොහාන් ජයසූරිය
(Baiscopelk)
IMDb Rating 4.7 8,257 votes
Prey (2007) Sinhala Subtitles
Prey (2007) Sinhala Subtitles
Prey (2007) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Peter Weller isTom Newman
Tom Newman
Carly Schroeder isJessica Newman
Jessica Newman
Conner Dowds isDavid Newman
David Newman
Mary-Ann Barlow isRanger in Radio Room
Ranger in Radio Room
Jacob Makgoba isLocal Hunter
Local Hunter
Ashley Taylor isRescue Chopper Ranger
Rescue Chopper Ranger

Similar titles

The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Triangle (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friday the 13th Part VII: The New Blood (1988)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siccin 6 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mad Max 2 (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
13 Hours (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naane Varuvean (2022) Sinhala Subtitles
Rush (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ambulance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Apocalypto (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mourning Grave (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published